පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාව: පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන

උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාව: පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන

වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්‍රව්‍ය පිටුදැකීමේ ජාතික ක්‍රියාන්විතයට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ ජාතික ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීමේ අරමුණින්, එම ආයතන එක් ජාලයකට ජාලගත කිරීමේ ජාතික අවශ්‍යතාවය අනුව අරඹන ලද උපදේශන නිලධාරීන් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන 2026.10.14 දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත් මහතා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, ජ්‍යේෂ්ඨ උපදේශන නිලධාරී සහ රටම එකට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සාමාජික එම්.එම්.ජී.එම්.බී. රෂාද් මහතා, පුත්තලම මහ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජනනි බෝවින්න මහත්මිය, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල් මහතා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඉනූෂා හෙට්ටිආරච්චි මහත්මිය, හලාවත පොලිස් අධිකාරි 1 ප්‍රභාත් දයානන්ද මහතා පුත්තලම සිරකඳවුරේ ස්ථානභාර නිලධාරී ඒ.පී.ආර්. පල්ලවල මහතා, මූලස්ථාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති පී.එම්.එච්.බී. විජේකෝන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහ උපදේශන නිලධාරීන්, ගුරුභවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සහභාගි වූවන් පිළිගනිමින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් ඉන් මුදවා ගැනීම පුනරුත්ථාපන කාර්යාංශයේ අරමුණ බවත්, ඒ සඳහා මෙම වැඩසටහනේ දායකත්වය සහ වැදගත්කම පිළිබඳවත්, පෙර සහ පසු විපරම් ක්‍රියාවලිය උදෙසා උපදේශන නිලධාරීන්ගේ දිස්ත්‍රික් පුහුණු සංචිත පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවත් එතුමන් විසින් අවධාරණය කරන ලදී.

මත්ද්‍රව්‍යවලින් තොර රටක් ගොඩනැගීම සඳහා ආරම්භ කර ඇති රටම එකට ජාතික ක්‍රියාවලිය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් තොර කිරීමේ අවශ්‍යතාවය, අධ්‍යාපනය තුළ යහපත් දරුවන් බිහි කිරීමට උපදේශන ගුරුවරුන් සතු වගකීම සහ පුනරුත්ථාපන කාර්යාංශය විසින් සිදු කරනු ලබන ජාතික කර්තව්‍යයේ වැදගත්කම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්තුමා විසින් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

වැඩසටහනේ පළමු ආරාධිත දේශකයා වශයෙන් සහභාගි වූ ජ්‍යේෂ්ඨ උපදේශන නිලධාරී සහ රටම එකට විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ සාමාජික එම්.එම්.ජී.එම්.බී. රෂාද් මහතා විසින් උපදේශන නිලධාරීන් විසින් දැනගත යුතු මත්ද්‍රව්‍ය භාවිතයේදී ඇතිවන ශාරීරික හා මානසික බලපෑම, විවිධ මත්ද්‍රව්‍ය වර්ගීකරණය අනුව මානසිකව ඇතිවන විවිධ රසායනික ක්‍රියාවලීන්, උපදේශනයේ විවිධ පැතිකඩ, උපදේශන නිලධාරීන්ගේ සමාජ වගකීම, මත්ද්‍රව්‍ය සඳහා නව යෞවනත්වය යොමු වීමට බලපාන හේතු, කුටුම්බයක සහයෝගිතාව හා සමාජ අවමානය ආදී කරුණු ඔස්සේ සංවාදාත්මක දේශනයක නිරත වන ලදී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා විසින් මත්ද්‍රව්‍ය වර්ගීකරණය, තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය නිසා අත් කරගන්නා විනාශකාරී තත්ත්වයන්, මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, මත්ද්‍රව්‍ය භාවිතයේ භයානක පැතිකඩ, එහි සමාජ බලපෑම, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිමය තත්ත්වයන් පිළිබඳව කාලීන සහ හරවත් දේශනයක් පවත්වන ලදී.

දේශනයන් අවසානයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. අමිත් මහතා, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, එම්.එම්.ජී.එම්.බී. රෂාද් මහතා, ඒ.පී.ආර්. පල්ලවල මහතා සහ ඉනූෂා හෙට්ටිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සහභාගි වූ උපදේශන නිලධාරීන් සමඟ වත්මන් මත්ද්‍රව්‍ය තත්ත්වය, ඇබ්බැහිය,පාරිසරික හා⁣ පෞද්ගලික සාධක, පාසල් පද්ධතියේ වගකීම සහ පුනරුත්ථාපනය පිළිබඳව විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වන ලදී.