
විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනන් මත්ද්‍රව්‍ය වීරෝධී පා ගමන විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන ‘රටම...








අන්තරායකර ඖෂධවලට ඇබ්බැහි වු තැනැත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් සහ වෙනත් යම් නීතියක් ප්‍රකාරව හඳුනාගනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තන් පුනරුත්ථාපනය කිරිම විධිමත් කිරිමේ අවශ්‍යතාව සහ වැදගත්කම සැලකිල්ලට ගෙන එය බරපතළ ගැටලුවක් සහ ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති හෙයින් එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කොට යහමඟට ගැනිමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් එම කාර්ය ඉටු කිරිම සඳහා 2023 අංක 2 දරන පනත යටතේ ‘පුනරුත්ථාපන කාර්යාංශය’ යනුවෙන් සංස්ථාපිත මණ්ඩලයක් ස්ථාපනය කර ඇත. මෙම කාර්යාංශය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වනු ලබයි.
මෙම වැඩසටහන මගින් පුනරුත්ථාපනලාභීන්ට මාස 06 ක කාලසීමාවකදී මානසික, සමාජීය, වෘත්තීය සහ හැකියාව වැඩි කිරීමේ ක්‍රියාමාර්ග සංවිධානගතව ලබා දීමෙන්, ඔවුන්ව සමාජයට ආරක්ෂිතව, ගෞරවාන්විතව හා දැනුමෙන් සපිරුණු අවශ්‍ය මානව සම්පත් ලෙස සමාජගත කිරීමට හැකි වේ.
2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනතේ 4(අ) වගන්තියට අනුව, ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය ඉල්ලා සිටි පළමු කණ්ඩායම සඳහා මාස 03ක පුනරුත්ථාපන වැඩසටහන 2025 ඔක්තෝම්බර් 16 වන දින සේනපුර නවෝදාව තෘතීය හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලැබීය.
අධිකරණ නියෝග මගින් පුනරුත්ථාපනයට යොමු වන මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූ පුද්ගලයන් පිළිබඳ පූර්ව තොරතුරු රැස් කිරීමත්, ප්‍රතිකාර හා පුනරුත්ථාපනයෙන් පසු සමාජයට ප්‍රතිසංකලනය වූ තැනැත්තන්ගේ සමාලෝචනය, අධීක්ෂණය සහ අවශ්‍ය සහාය සැපයීමත් මෙම ශාඛාවේ මූලික කාර්යභාරය වේ.
අදාළ නීතිමය රාමුව යටතේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්ගේ මෙහෙයුම සහ ත්‍රිවිධ හමුදා සහයෝගය සමග ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවට ආවේණික මානවීය පුනරුත්ථාපන ක්‍රියාවලිය මගින් නොමග ගිය සටන්කරුවන් 12196 දෙනා සාර්ථකව පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජයට ප්‍රතිසංකලනය කිරීම සාර්ථක කරනු ලැබීය.
මත්ද්‍රව්‍ය නිවාරණය සහ අන්තරායකර ඖෂධ භාවිතයේ අනිසි විපාක පිලිබඳ රාජ්‍ය නිළධාරින්, පාසල් සිසුන්, ප්‍රජාව දැනවුත් කිරිමේ වැඩසටහන් පැවැත්විම.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනන් මත්ද්‍රව්‍ය වීරෝධී පා ගමන විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන ‘රටම...

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ පුනරුත්ථාපන කාර්යාංශය (BOR) අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සහ පුනරුත්ථාපන කාර්යාංශය (BOR) අතර...




