උපදේශන නිළධාරින් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාව – මහනුවර දිස්ත්රික්ක වැඩසටහන
වර්තමාන රජයෙහි “රටම එකට” මත්ද්රව්ය පිටු දැකීමේ ජාතික ක්රියාවලියට සෘජුවම දායකත්වය දක්වන පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන ක්රියාවලිය සහ මත්ද්රව්ය උවදුර තුරන් කිරිමේ ජාතික ක්රියාවලිය සඳහා රාජ්ය ආයතන හා රාජ්ය නොවන ආයතනයන්හි සෘජු මැදිහත් වීම ලබා ගැනීමේ අරමුණින් එම ආයතන එක් ජාලයකට ජාලගත කිරීමේ ජාතික අවශ්යතාවය අනුව අරඹන කරන ලද උපදේශන නිළධාරින් සහ උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තවත් එක් දිග හැරුමක් මහනුවර දිස්ත්රික්කය ඉලක්ක කර ගනිමින් 2026.09.18 වන දින මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
මෙම වැඩසටහන මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්රධානත්වයෙන් පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනිය ජ්යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්එස් අමිත්, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි මහත්මිය,අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් ප්රසන්න ප්රියලාල්, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නියෝජ්ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජ විද්යා පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්රියදර්ශනී ප්රේමරත්න මහත්මිය, බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි සම්පත් වර්ණකුලසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර, මත්ද්රව්යවලින් තොර රටක් ගොඩනැගිම, දිස්ත්රික්කයක් වශයෙන් තරුණ පරපුර මතින් තොර කිරිමේ අවශ්යතාවය, පුනරුත්ථාපන කාර්යාංශය විසින් සිදු කරනු ලබන ජාතික කර්තව්යයේ වැදගත්කම පිළිබඳව දිස්ත්රික් ලේකම් තුමන් විසින් අවධාරණය කරන ලදි.
පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනිය ව්සින් මෙම තරුණ පිරිස් මත්ද්රව්යවලින් මුදවාගැනිමේ මෙහෙයුම සදහා උපදේශන නිළධාරින්ගේ දායකත්වය අවශ්ය වන්නේ කෙසේද? මෙම දිස්ත්රික්ක වැඩසටහන් පැවැත්විමේ අරමුණ, ප්රජා මුල පුනරුත්ථාපනයක අවශ්යතාවය පිළිබදව වැඩිදුරටත් අවධාරණය කරන ලදි.
තවද මෙම දැනුවත් කිරිමට එක් වු මහනුවර දිස්ත්රික්කයේ උපදේශන රාජකාරියේ නියුතු උපදේශන නිළධාරින් පාසල් ගුරුවරුන් සදහා , පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජ විද්යා පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්රියදර්ශනී ප්රේමරත්න මහත්මිය විසින් සමාජ පරිසරය තුළ මත්ද්රව්ය පැතිරිම, පවුලක,පාසලක, සමාජයේ වගකිම පිළිබඳව සමාජ විද්යාත්මක පැහැදිලි කිරිමක් සිදු කරන ලදි.
මත්ද්රව්ය යනු මොනවාද? මත්දුව්ය වර්ග, තරුණ තරුණියන් අතර මත්ද්රව්ය පැතිරිම, මත්ද්රව්ය භාවිතය සහ වෙළදාමට අදාළ නීතිමය තත්ත්වය, මත්ද්රව්ය භාවිතයෙන් සමාජයට වන හානිය සහ භයානක පැතිකඩ පිළිබදව හරවත් දෙසුමක් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නියෝජ්ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා විසින් පවත්වන ලදි.
අනතුරුව පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනිය ජ්යේෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්රිගේඩියර් එම්එස් අමිත්, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නියෝජ්ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, පේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජ විද්යා පීඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්රියදර්ශනී ප්රේමරත්න මහත්මිය, බෝගම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරි සම්පත් වර්ණකුලසූරිය මහතාගේ ප්රධානත්වයෙන් සහභාගි වු උපදේශන නිළධාරින් හා විශේෂ විද්වත් සාකච්ඡාවක් ද පවත්වන ලදි.