පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ දෙවන වැඩසටහන - ගාල්ල දිස්ත්‍රික්කය

දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ දෙවන වැඩසටහන – ගාල්ල දිස්ත්‍රික්කය

මෙම කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලයන් වෙතින් පෙර විපරම් සහ පසුවිපරම් කටයුතු කිරිමේදි අවශ්‍ය උපදේශන කටයුතු සිදුකිරිම සඳහා උපදේශන නිලධාරින් නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලියේ සාර්ථකත්වයට පවත්නාවූ බාධාවන් ඉවත් කර ගැනීමේ මූලික අරමුණින් දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 2026.08.05 දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මියගේ සංකල්පයකින් ඇරඹි මෙම වැඩසටහන් මාලාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේයූ චන්ද්‍රලාල් මහතා ගේ ප්‍රධානත්වයෙන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජීජී ලක්ෂ්මි කාන්ති
මහත්මිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා ප්‍රභා යටවර මහත්මිය ඇතුළු පුනරුත්ථාපන කාර්යාංශයේ නිළධාරින්ගේ සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන උපදේශන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

මෙම සංචිතය තුලින් තෝරා ගනු ලබන උපදේශන නිලධාරින්ගේ සම්පත් දායකත්වය පෙර විපරම් සහ පසුවිපරම් ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරනු ලබන අතර, ඒ අනුව පුනරුත්ථාපනලාභීයා මධ්‍යස්ථානය තුල සිටින කාලසිමාව තුලදි බිදුණු පවුල් සංස්ථාව ගොඩනැගිමට හා පුනරුත්ථාපනලාභීයා පිලිබඳ ධනාත්මක සිතුවිලි පවුල තුල ඇති කරලිම තුලින් අවශ්‍ය පසුබිම සකස් කිරිම, පුනරුත්ථාපනලාභියා සමාජගත වු පසු ද අදාල පවුල් පරිසරය තුල මනා සබඳතා පවත්වාගෙන යාමට මෙන්ම නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැළැක්වීමටත් අවැසි උපදේශනය ලබාදීම අරමුණ කරගනිමින් උපදේශනය පිළිබදව විශේෂ දේශනයක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා ප්‍රභා යටවර මහත්මිය විසින් සිදු කල අතර තවද, පුනරුත්ථාපනලාභීන්ගේ මානසික තත්ත්වය සහ උපදේශනයේ දී ඔවුන් සමග සෘජුව කටයුතු කිරිමේදි දැනගත යුතු මූලික කරුණු පිළිබදව තොරතුරු බෙදා ගැනීමක් නවෝදාව තෘතීය හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපෙදේශන නිළධාරි නිමායා ප්‍රියමාලි මහත්මිය විසින් සිදු කරන ලදී.