පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ වැඩසටහන

පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ වැඩසටහන

මෙම කාර්යාංශය යටතේ ස්ථාපිත දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධිකරණ කාර්යාලයන් වෙතින් පෙර විපරම් සහ පසුවිපරම් කටයුතු කිරිමේදි අවශ්‍ය උපදේශන කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය උපදේශන නිලධාරින් නොමැති වීම හේතුවෙන් එම ක්‍රියාවලියේ සාර්ථකත්වයට පවත්නාවූ බාධාවන් ඉවත් කර ගැනීමේ මූලික අරමුණින් දියත් කෙරුණු දිස්ත්‍රික් උපදේශන නිළධාරි සංචිත පිහිටුවීමේ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක වැඩසටහන 2026.10.07 දින පොළොන්නරුව පුරාණ තාක්ෂණික කෞතුකාගාර ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මියගේ සංකල්පයකින් ඇරඹි මෙම වැඩසටහන් මාලාව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් එම් අයි කරුණාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන්, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත්, අතිරේක පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ප්‍රසන්න ප්‍රියලාල්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා ප්‍රභා යටවර මහත්මිය ඇතුළු පුනරුත්ථාපන කාර්යාංශයේ නිළධාරින්ගේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන උපදේශන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

බිදුනු පවුල් සංස්ථාවන් නැවත ගොඩනැගිමට සහ ශක්තිමත් කුටුම්බ සබදතා ඇති කරලිම සදහා අවශ්‍ය නිවැරදි මගපෙන්විම සදහා උපදේශන දායකත්වය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව්මට අධ්‍යාපන මට්ටමේ බලපෑම පිළිබඳව පසු විපරම් උපදේශනය පුනරුත්ථාපන ක්‍රියාවලියේ අවසානය නොවන බවත් දිගු කාලින නව වෙනසක ඇරඹුම විය යුතු බවත් වත්මන් මත් උවදුර මැඩ පැවත්විමට සහභාගි වු උපදේශන නිලධාරීන්ගේ සෘජු දායකත්වය ලබා දෙන මෙන් ද පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් තුමන් විසින් පැමිණි පිරිස පිළිගනිමින් පවසන ලදී.

රටකට පුනරුත්ථාපන ක්‍රියාවලියේ ඇති වැදගත්කමත්, රටක අනාගතය ගැන සිතනවානම් පුනරුත්ථාපනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, සමාජ පද්ධතිය තුළ පුනරුත්ථාපනය පිළිබඳව වෙනස්ම පැතිකඩකින් සිතිය යුතු බවත්, සමාජයේ පුනරුත්ථාපනය අවැසි පුද්ගලයන් සදහා අදාළ කටයුතු සිදු කරන මෙන් ද ඛේදවාචකයක් වූ ජිවිත ඒ ඛේදවාචකයෙන් මුදවා ගැනීමට කටයුතු කිරිමට දායක වන මෙන් ද පැමිණි සිටිය උපදේශන නිළධාරින් අමතමින් ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් අවධාරණය කරන ලදි.


මෙම සංචිතය තුලින් තෝරා ගනු ලබන උපදේශන නිලධාරින්ගේ සම්පත් දායකත්වය පෙර විපරම් සහ පසුවිපරම් ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරනු ලබන අතර, ඒ අනුව හා පුනරුත්ථාපනලාභීයා පිලිබඳ ධනාත්මක සිතුවිලි පවුල තුල ඇති කරලිම තුලින් අවශ්‍ය පසුබිම සකස් කිරිම, පුනරුත්ථාපනලාභියා සමාජගත වු පසු ද අදාල පවුල් පරිසරය තුල මනා සබඳතා පවත්වාගෙන යාමට මෙන්ම නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැළැක්වීමටත් අවැසි උපදේශනය ලබාදීම අරමුණ කරගනිමින් උපදේශනය පිළිබදව විශේෂ දේශනයක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා ප්‍රභා යටවර මහත්මිය විසින් සිදු කල අතර තවද, පුනරුත්ථාපනලාභීන්ගේ මානසික තත්ත්වය සහ උපදේශනයේ දී ඔවුන් සමග සෘජුව කටයුතු කිරිමේදි දැනගත යුතු මූලික කරුණු පිළිබදව තොරතුරු බෙදා ගැනීමක් නවෝදාව තෘතීය හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපෙදේශන නිළධාරි නිමායා ප්‍රියමාලි මහත්මිය විසින් සිදු කරන ලදී.