පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව බ්‍රවුන්ස් හෝටල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව බ්‍රවුන්ස් හෝටල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන

පුනරුත්ථාපන කාර්යංශය සහ බ්‍රවුන්ස් හෝටල් ජාලය එක්ව සංවිධානය කරනු ලබන ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය නිවාරණය සහ පුනරුත්ථාපනය පිළිබඳව හෝටල් කාර්ය මණ්ඩලය දැනුවත් කිරිමේ පළමු වැඩසටහන වයික්කාල ක්ලබ් හොටෙල් ඩොල්ෆින් ආයතනයේ දි 2026.08.24 දින පැවැත්විණි.

එම හෝටල් ජාලයේ ආරාධනයකට අනුව එහි ප්‍රධාන විධායක නිළධාරි එක්සත් විජේරත්න මහතාගේ අනුශාසනාවෙන් කළමණාකරු මනෝජ් පෙරේරා මහතා සහ පරිපාලන කළමනාකරණ විශ්‍රාමික බ්‍රිගේඩියර් ලකි රේමන්ඩ් මහතාගේ ආරාධනාවෙන් පැවති මෙම දැනුවත් කිරිමේ දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්එස් අමිත් මහත⁣ා විසින් තරුණ ප්‍රජාවගේ සමාජයිය වගකිම, වගකීම් සහිතව වැඩ කිරිමේ ආදිනව සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබදව සහභාගි වූවන් දැනුවත් කරන ලදී.

තවද මෙම වැඩසටහනේ විශේෂ සම්පත් දායකයකු වශයෙන් එක් වු ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් ඇබ්බැහිය, ඇබ්බැහියට තුඩු දෙන කාරණා, මානසික බලපෑම, පෞරුෂ වර්ධනය පිළිබඳව මනෝ විද්‍යාත්මකව පැහැදිලි කිරිමක් සිදු කරන ලදි.මේ සදහා එම ආයතනයේ සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලය සහභාගි වන ලදි.