පුනරුත්ථාපන කාර්යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන 'රටම එකට' ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනන් මත්ද්‍රව්‍ය වීරෝධී පා ගමන

විෂ මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙනන් මත්ද්‍රව්‍ය වීරෝධී පා ගමනක් අද දින 2026.06.26 දින ගාලු මුවදොරින් ඇරඹී කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් ගන්නා ලදී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම් හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ජේ.ඒ.කේ මාර්ක් මහතා, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි ජ්‍යෙෂ්ඨ මහචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ ශ්‍රී ලංකා පොලිසීය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය නියෝජනය කරමින පැමිණ සිටි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පාගමන සිදු විය.